අප ගැන
දැක්ම
“ගුණ නැණ බල සපිරි අභිමානවත් කාන්තා පරපුරක්” |
මෙහෙවර
ඉතිහාසය
1946 ජූලි 1 වන දින ගුරුවරු දෙදෙනෙක් ගෙන් හා සිසුහු 69 දෙනෙක්ගෙන් ආරම්බ කල මෙම පාසලේ වැඩබලන විදුහල්පති වශයෙන් කටයුතු කලේ C. E. V ෆර්නැන්ඩෝ.
ආරම්බයේදී මලියදේව පාසල මිශ්‍ර පාසලක් වූ අතර එය මුලින්ම 1888දි පිහිටියේ කුරුණෑගල බෝධිරාජ මාවතෙයි.පසුව එය ඇත්කද විහාර භූමියට ගෙන යන ලදී.
1928 දි මලියදේව විද්‍යාලය පිහිටි වර්තමාන ස්ථානය වන මිගමුව පාරට ගෙන යන ලදී. මෙම ඉඩම් භුමියේ අයිති කරුවා වුයේ ගොඩ්ප්රි මඩවල මහතායි.1938දි සර් ජෝන් කොතලාවල මැති තුමාගේ උදව්වෙන් මලියදේව පාසල මිශ්‍ර පාසලක් ලෙස ලියාපදිංචි කරන ලදී. මෙම වකවානුවෙහි කුරුනෑගල නගරයෙහි බෞද්ධ බාලිකා පාසලක් පිහිටියේ නැත.
දෙවැනි ලෝක යුද්ද සමයේ යුදමය කටයුතු සදහා පාසල් භුමිය හා ගොඩනැගිල්ල යුද්ද හමුදාව බාරයට ගැනිණි.මෙම නිසා පාසල මුලින් තිබු ස්ථානය වූ ඇත්කද විහාර භූමියට නැවත ගෙන ගියේය. 1944 දි මලියදේව පාසලේ ප්‍රාථමික අංශය කුරුනෑගල-කොළඹ මාවතෙහි භූමියකට රැගෙන යන ලදී. පසුව මෙය මලියදේව බාලිකා විද්‍යාලය බවට පත්විය.
මේ වන විට මලියදේව බාලිකා විද්‍යාලය පවිතන ඉඩම සර් ජෝන් කොතලාවල මැති තුමා තරුණ බෞද්ධ සමිතියේ සභාපතිව සිටි කාලයේ මිලිදිගත් එකකි.පසුව එය පාසල ඉදිකිරීම වෙනුවෙන් භුමියේ අයිතිය රජයට පවරන ලදී.1946 ජූලි 1 වන දින ගුරුවරු දෙදෙනෙක් ගෙන් හා සිසුහු 69 දෙනෙක්ගෙන් ආරම්බ කරන ලදී.
Comments
Post a Comment